rajanganaye-thera-in-trouble

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවට අපහාස කරමින් යූටියුබ් ඔස්සේ අපහාසාත්මක වීඩියෝවක් පළ කළ සිද්ධියකට අදාළව රාජාංගණයේ සද්ධාරතන හිමිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
චීවරයක් දරා ගනිමින් අසභ්‍ය වචන මගින් ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බැණ වැදුණු ඔහු සම්බන්ධව ලබාදුන් වාර්තාවක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයිද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.


පසුගිය කාලයේ යූටියුබ් ඔස්සේ අසභ්‍ය වචන පාවිච්චි කරමින් විවිධ අදහස් පළ කිරීම නිසා මෙම හිමි නම ප්‍රකට වූ අතර පසුගිය අප්‍රෙල් මස අගදී තමා සිවුරු අත්හරින බවටද ප්‍රකාශයක් කර තිබුණි.
‘සියලු දෙනාටම ස්තූතියි මම සමුදෙන්න තීරණය කලා. මඩ ගහන්නෙපා අවලාද නගන්නෙපා. මට මෙතන රජ සම්පත් තිබ්බත් වැඩක් නෑ හිතට සැනසීමක් නැත්තම්. සිවුර මට වැඩක් නෑ..සියලු දේටම සමුදීලා මම ගෙදර යන්න සූදානම්. මම කුණුහරප කියපු එක ඇත්ත. කුණුහරප කිව්වේ මේ රටේ දුක් විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙමෙයි."
එම අවස්ථාවේදී රාජාංගණයේ සද්ධාරතන හිමි පවසා තිබුණි.
රාජාංගනයේ හිමි නාමල් රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට හා රනිල් වික්‍රමසිංහට බැණ වැදුනැයි සමස්ත ලංකා ආපන ශාලාහිමියන්ගේ  සංගමයේ සභාපති අසේල සම්පත් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කර තිබේ.
එකී වීඩියෝව මේ සමග පළවේ.