raja-kumari-sudarma-house-maid-death-parliament

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය බදුල්ල ප්‍රදේශයේ ගෘහ සේවිකාවක් වන ආර්
රාජකුමාරිගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවත් ඒ පිළිබඳව කිසිවකු සැක නොකළ යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ ඒ ගැන පාර්ලිමේන්තුවේ ඇතිවූ සංවාදයේදී සභාවට සහතික විය.



පොලිස් ප්‍රහාරයට ලක්වූ  දරුවන් තිදෙනෙකුගේ මවක වන රාජකුමාරිගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් සහ විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

රාජකුමාරි මහත්මියගේ අභාවය පිළිබඳව  පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකෙ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.‍




වතුකරයේ සිට කොළඹට පැමිණි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
විශේෂයෙන්ම වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අන්ත දිළිඳුකම නිසා මෙවැනි රැකියා වලට ඇවිත් තිබෙනවා.
මෙවැනි තත්ත්වයකින් ජීවිතය ගෙන යාමට කොළඹට පැමිණි කාන්තාවකගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන්
යුක්තිය නිසි ලෙස තහවුරු විය යුතුය.
මේ සම්බන්ධයෙන් වන සියලුම පරීක්ෂණ කඩිනමින් සහ අපක්ෂපාතීව පැවැත්විය යුතුය.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්.
ප්‍රසිද්ධ කලාකාරිනි සුධර්මා ජයවර්ධන නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සේවය කළ බදුල්ල ප්‍රදේශයේ රාජ් කුමාරිගේ
දේහය යළි පිටතට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියෝග කළ යුතුයි.


ඒ ගැන විභාගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන්න.

විමල් වීරවංශ කියා සිටියේ
‘සුධර්මා පොලිසියේ සිටියදීමයි මේ කාන්තාවට පහරදීලා තියෙන්නෙ. එහෙම කරන්න පුළුවන්ද.. පොලිසියේ පොතේ පැමිනිල්ලට නම ලියන්නෙත් පහරදීමෙන් පස්සෙ‘ ලෙසිනි.

මේ අවස්ථාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ,

කොළඹදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී කාන්තාවක් මියයාමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කිසිදු
පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සිදුකෙරෙනවා. නීතියට පිටින් කිසිවක් සිදු නොවේ. ඒ සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවට මම සහතික වෙනවා. ඒ ගැන කිසිවකු සැක නොකරන්න.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු මා වෙත ලබාදෙන ලෙසද මනෝ ගනේෂන් මහතාගෙන් ඉල්ලා සිටිමි.
මම එය අදාළ පුද්ගලයන්ට භාර දී පරීක්ෂණයකට නියෝග කරන්නම්. අධිකරණ ක්‍රියාදාමයට අදාළ
කාරණය සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගන්නවා.