ආයතනික මුල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියලු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් නවතා දමන්නටත් ඒවායේ දැනට සේවය කරන ස්ථිර සේවකයින් පමණක් කොළඹට කැඳවීමටත් තීරණය කර තිබේ.


දීර්ඝ ඉතිහාසයක් සහිත රජරට සේවය, රුහුණු සේවය හා කඳුරට සේවයද වසා දමන්නට තීරණය වූ ප්‍රාදේශීය සේවා අතර තිබේ.


මේවා​යෙහි මෙහෙයුම් කටයුතු මැයි මස 31 වනදා මැදියම් රැයෙන් පසු අවසන් කිරීමට තීරණය කර තිබෙන අතර මෙම තීරණය ඊයේ (23) ලිඛිතව දැනුම් දී ඇත.නාලිකා වසා දැමිමෙන් පසු නිත්‍ය සේවකයන් කොළඹට කැදවීමටත් කැමැත්ත මත වන්දි ලබාගෙන ඉවත්වීමටත් ක්‍රමවේදයක් සකස් කර ඇත.
මෙලෙස මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සුදානම්ව ඇති ගුවන් විදුලි නාලිකා වන්නේ,
1.රජරට සේවය (කරගහතැන්න 107.3 MHz/90.1 MHz අනුරාධපුර )
2.රුහුණු සේවය (දෙනියාය 107.3 MHz/හපුතලේ 107.5 MHz)
3.කඳුරට සේවය (හන්තාන 90.1 MHz/හුන්නස්ගිරිය 107.5 MHz/රදැල්ල 107.5 MHz/හපුතලේ 107.3 MHz)
4.Yaal FM (90.1/102.1 MHz යාපනය )
5.Pirai FM (102.1 MHz හපුතලේ)
6.වයඹ රේඩියෝ (90.1 MHz යටියන්තොට)
7.දඹාන රේඩියෝ (95.4 MHz දඹාන)

තීරණය දන්වා තිබූ ලිපිය පහතින්