
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ අංක FZ547 ගුවන් යානයෙන් මෙරටට පැමිණ විශේෂ පුද්ගලයින් සඳහා වෙන් කර ඇති දොරටුව හරහා ගුවන් තොටුපළෙන් පිටත් වීමට පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. රහීම් අලි සබ්රි මහතා ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබු පසුව ඔහුගේ ගමන් මළු පරික්ෂා කිරීමේ දී එහි තිබී රත්තරන් බිස්කට් සහ ස්වර්‍ණාභරණ තොගයක් සහ ජංගම දුරකථන තොගයක් සොයා ගනු ලැබිණි.
මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ 3 කුත් ග්‍රෑම් 397 ක් වූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 74 ක් වන බව ගණන් බලා තිබෙනවා. ජංගම දුරකථන තොගය තුල ස්මාර්ට් දුරකථන 91 ක් තිබුණ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 4.2 ක් වන බව ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 78.2 වේ.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.
භාණ්ඩ රාජසන්තක විය.
එම භාණ්ඩ තොගයේ ඡායාරූප පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval