
ලංකාවේ වැඩිම විරැකියාව ඇති පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට ඇත්තේ එක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් යැයිද පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.
ලංකාවේ විරැකියා ප්‍රතිශතය සියයට 5.1 ක් බවට පත්ව ඇති බවද දෙවැනි තැනට වැඩිම විරැකියා ප්‍රතිශතයක් ඇති දිස්ත්‍රික්කය මාතර බවද කී මන්ත්‍රීවරයා එම අගය සියයට 7.2 ක් බව කීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරැකියා ප්‍රතිශතය සියයට 7.7 ක් වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 7 ක ප්‍රතිශතයක් ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. උගත් තරුණ විරැකියාව බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval