dompe-abused-sir-arrested

අවුරුදු දහසයක පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන උපකාරක පන්ති ගුරුවරයෙක් දොම්පේ පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දොම්පේ ප්‍රදේශයේ ගණිතය විෂය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන තිස්පස් හැවිරිදි ගුරුවරයෙකි.

දොම්පේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක උපකාරක පන්ති පවත්වන මෙ ගුරුවරයා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිනක උපකාරක පන්ති අවසන් වීමෙන් පසු විදුලිය විසන්ධි වී තිබිය දී මෙම සිසුවියට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර ඇති අතර යළිත් වරක් පසුගිය හත්වැනිදා ද ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.



ඇය ඒ පිළිබඳව සිය මවට පවසා ඇති අතර පසුව මව සිය දියණිය ද කැටුව පැමිණ දොම්පේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට මේ ගැන පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය