
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ඔහුට එරෙහිව ඇති චෝදනා 05ක් මත යැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මේ බව සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමිනි.
ඒ අනුව එම චෝදනා වනුයේ,
- නඩුවක් තිබියදී එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම.
- ස්වාධීන කොමිෂන් සභාවක කටයුතු ඒකපාර්ශිකව සිදුකිරීම.
- විදුලි බල මණ්ඩලය සමග එක්ව විදුලිය මිලදීගැනීමේ සමාගමක් පවත්වාගෙනයාම.
- විදුලිය සඳහා ගැලපුම් ගාස්තු පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර දේශපාලන අවශ්‍යතා අනුව ගැලරිය පිනවීමට ප්‍රකාශ නිකුත් කිරීම.
- සාමූහික තීන්දු නොගෙන ස්වාධීන තීරණ ප්‍රකාශ කිරීම.
බව ඇමති කංචන විජේසේකර සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval