
ශ්‍රී ලංකාවේ පරිපාලනය සඳහා අමාත්‍යාංශ 30ක් පැවතීම ප්‍රමාණය ඉක්මවා යෑමක් බැවින් ඒ සදහා අමාත්‍යාංශ 15ක් පමණක් නිර්දේශ කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්මට තර්කානුකූල ක්‍රමවේදයක් මැයෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වේ.එම ආයතනය 2020 වසරේ ප්‍රකාශයට පත් කළ ධවල පත්‍රිකාවේ එම අමාත්‍යාංශ 15 නම්කර ඇති අතර එමගින් අකාර්යක්ෂමතාව අවම කර ගනිමින් ආණ්ඩුකරණ ව්‍යුහයේ තර්කානුකූලභාවය උපරිමයෙන් තහවුරු කිරීමේ හැකියාව පවතින බව එහි සඳහන් වේ.
වර්තමානයේ අමාත්‍යාංශ පිහිටුවීමට අනුගමනය කරන පිළිවෙත ආණ්ඩුවේ කාර්යක්ෂමතාවට සහ ඵලදායිතාවට අනිසි ලෙස බලපාන බවත් එහි දැක්වේ. එම ආයතනය නම් කර ඇති අමාත්‍යාංශ 15 වනුයේ මූල්‍ය සහ සැලසුම්, අධිකරණ ආරක්ෂක අධ්‍යාපන හා පරික්ෂණ, සෞඛ්‍ය, කෘෂිකර්ම, කම්කරු, මහජන සේවා, වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා, ආර්ථික කටයුතු ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන, විදේශ කටයුතු පවුල් හා ප්‍රජා සංවර්ධනය, සමාජ හා සංස්කෘතික සහ පරිසර යන ඒවාය. එක අමාත්‍යාංශයක් යටතේ පැවතිය යුතු විෂයයන් විවිධ අමාත්‍යාංශ අතර බෙදා තිබීම, එකිනෙකට නොගැළපෙන විෂයයන් එක අමාත්‍යාංශයක් යටතට ගෙන තිබීම, ප්‍රධාන ගැටලු දෙකක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval