illanchelian-army-coprol

හය හැවිරිදි පාසල් සිසුවියක් වනයට පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට
වරදකරු වූ යුද හමුදා කෝප්‍රල් වරයෙකුට  වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලච්චෙලියන් මහතා  වසර 15ක සිර දඬුවමක් නියම කළේය.
ඊට අදාළ නඩුව වවුනියාව මහාධිකරණයේ ඊයේ (25) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර
ඇත. පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටි දැරිය පැහැරගෙන යාමේ චෝදනා දෙකක් සහ දැරිය පැහැරගෙන ගොස් දැරියට ලිංගික අතවර කිරීමේ දෙවන චෝදනාව යටතේ අපරාධ වාර්තාවක් වවුනියාව මහාධිකරණයට ගොනුකර තිබුණි.



දැරිය සුදු නිල ඇඳුමකින් කැලෑවේ සිටියදී සිහිසුන්ව සිටියදී හමුවූ අතර, CIT විශේෂ පොලිස් කණ්ඩායමක් හමුදා සෙබළා අත්අඩංගුවට ගන්නා ලදි.
අත්ඩංගුවට ගත් හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගත් බව, නැදුන්ගේනි විජයබාහු හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා අධිකරණයට සාක්ෂි දෙමින් කීය.
අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව දැරියගේ අතවරය අනාවරණය කර තිබුණි.
මේවා පදනම් කරගෙන විනිසුරු ඉලංචෙලියන් විසින් අත්අඩංගුවට ගත් නැදුන්ගේනි විජයබාහු හමුදා කඳවුරේ හමුදා කෝප්‍රල්වරයා වරදකරු කර ඇත.


එසේම ඔහුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ 5ක
වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.
මෙම වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ මාස දෙකක
බරපතළ සිරදඬුවමක් සමඟ රුපියල් දස දහසක දඩයක් ද අමතරව නියම කෙරේ.
 අපරාධ විමර්ශන කොට්ඨාශයේ ප්‍රධාන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් කොළඹ සිට වව්නියාවට ගොස් වරදකරු වූ යුද හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.