tihara-story-kalutara

පෙරේදා රාත්‍රී කළුතර දකුණ සිරිකුරුස හන්දියේ ‘සී වීව් සිටි හොටෙල්‘ ගොඩනැගිල්ලේ තුන්වෙනි මහලින් වැටීමෙන් මියගිය 16 හැවිරිදි සිසුවිය සම්බන්ධ සංසිද්ධිය දැන්  තරුණ වයසේ දරුවන් හදන වඩන බොහෝ දෙනෙකුට සැකබිය මතු කර තිබේ.
නාගොඩ නිවසින් පිටත්වන අවස්ථාවේ සිසුවිය මව්පියන්ට දන්වා තිබුනේ යාළු අක්කත් එක්ක වෙසක් බලන්න කළුතර ටවුමට යනවා ටිකක් රෑ වෙයි එන්න.. ලෙසිනි.
තවමත් කළුතර පාසලක 11 වසරේ ඉගෙනුම ලබමින් සිටින ඇයට යාළු අක්කා ආරක්ෂාව සපයනු ඇතැයි නිවැසියන් කල්පණා කරන්නට ඇත. යාළු අක්කාගේ වයස 19 කි. ඇයත් තවම පාසල් යන වයසක වූ අතර ඇගේ පෙම්වතා බව කියන තරුණයාට වයස 21 කි.
සිසුවියගේ පෙම්වතා වයස 29 ක හැඩි දැඩි තරුණයෙකි. ඔහු සමග මෙම විනෝද ගමන යන්නට පෙර ඔහු ගැන ඇය දැන සිටියාද නැද්ද යන්න පැහැදිලි නැත. විවාහ දෙකක් කරගෙන සිටි ඔහු අත් බාහුවක පච්චයක්ද කොටා යටි රැවුලක්ද වවා තරමක ‘චණ්ඩි‘ පෙනුමක් ආරෝපණය කරගෙන සිටි අයෙකි.


වෙසක් බලන්න යනු වෙනුවට මොවුන් හතර දෙනා කර තිබුනේ හොඳට බීමත්ව යහන්ගතවී විනෝදයක් ලබන්නටය.
‘රූම්ස්: ඒසී නන් එසී‘ ලෙසින් සටහන් කර තැන් තැන් වල මෙවැනි විනෝද වන්නන් සඳහා පහසුකම් සපයන තැන දැන් වැහිවැහැලාය. ඔවුන් තෝරාගත් ස්ථානයත් එබඳු තැනකි.හැඳුනුම්පත් පරීක්ෂා කර ඇතුලු කරත් ඒවා සත්‍යාපනය ගැන එතරම් උනන්දුවකින් ඔවුන් කටයුතු කර නැත.16 සිසුවියට ඇතුලුවන්නට බැරි නිසා 20 තරුණියකගේ හොර හැඳුනුම්පතක් පාවිච්චිකර ඔවුන් අවස්ථාව ලබාගෙන තිබේ.
දැනට සිදුවන පොලිස් පරීක්ෂණ අනුව වාර්තාවී ඇත්තේ මොවුන්  ‘සී වීව් සිටි හොටෙල්‘ හි ගත කර ඇත්තේ පස්වරු 6.30 සිට 9.30 දක්වා පමණ සුළු වේලාවකි. ඔවුන් එම කාලය තුළ මත්පැන්බී විනෝදවී ඇති අතර එක් යුවළක් පිට තැනකින් ආහාර ලබාගන්නට සිතා කන්ඩායමෙන් වෙන්වී එළියට ගොස් තිබේ. සිසුවිය හා පෙම්වතා ඉන්පසු කාමරයට ගොස් කුමක් කරගත්තාද දන්නේ ඒ දෙන්නා පමණි. ඔවුන් කාමරයේ ගත කර තිබුනේ මිනිත්තු 15 ක පමණ සුළු කාලයකි. ඉන්පසු දැනට වාර්තා වන්නේ තරුණයා කලබලෙන් එළියට යන හැටි සීසීටීවී දසුන් හා ජනේලයෙන් වැටුණ සිසුවියගේ නිරුවත් සිරුර සම්බන්ධ සාක්ෂි පමණි.


ඇයත් පෙම්වතාත් අතර ඇතිවූ අලකලංචිය පෙම්වතාව අත්අඩංගුවට ගැනීමෙන් පසු පමණක් දැනගත හැකි වනු ඇත. පෙම්වතා පළායන්නට පෙර අනෙක් යුවළ කැඳවා පවසා තිබුනේ සිසුවිය ජනේලෙන් පැන්න බවයි.නමුත් එය සත්‍යයක්දැයි සැක සහිතය. අනෙක් දෙන්නාද කැඳවා මළ සිරුර කෝච්චියට හසුවීමෙන් වළකා පැත්තට කළ ඔවුන් එතැනින් නික්ම යාමද අපූරු සංසිද්ධියකි. සිසුවිය කැඳවාගෙන ආ යාළු අක්කා හෝ පෙම්වතා කියන අය මෙම සිසුවියගේ මරණයේ වගකීමෙන් කර අරින්නට උත්සාහ දැරීම විමතිදායකය. පසුව පෙම්වතා පළායද්දී තරුණ යුවළ ප්‍රමාදවී පොලිසියට භාරවී තිබුණි.
පළාගිය ආදරවන්තයා විවාහ දෙකක් කරගෙන සිටි බවට ඔහුගේ ලිපිනයේ දැන් පදිංචිව සිටින දෙවන බිරිය පොලිසියට පවසා තිබුණි.
දන්සැල් වඳින්නට නිවසින් ගිය සිසුවියගේ ජීවිතය අවසන් වුනේ රේල්පාරක් අසළ මරණයට පත්වීමෙනි. තාවකාලික ආදරවන්තයින් ඇය ගැන බැලුවේ නැත.
 
සිද්ධිය සම්බන්ධ පෙර ලිපි
ද්විත්ව විවාහකයෙකු සමග කළුතර ලැගුම් හලට ගිය සිසුවියගේ ඉරණම

16 සිසුවිය කළුතර ලොජ් එකේ තුන්වන මහලින් පැන්නාද? පෙම්වතා තල්ලුකරාද?