
ඊයේ (6) දින සවස් කාලයේ කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ නිරුවත් කාන්තා මළ සිරුරක් තිබී හමුවී ඇත.
ඇය යාබද පිහිටී මහල් පහකින් සමන්විත තාවකාලික නවාතැන්පොළේ තුන්වන මහලින් ඇද වැටී මියගොස් තිබෙන බව නිරීක්ෂණ අනුව පෙනීයාමෙන් පසු පොලිසිය එකී නවාතැන්පොළට ගොස් පරීක්ෂණ සිදු කර තිබේ.
මෙලෙස මියගොස් ඇති අයගේ දත්ත අදාළ නවාතැන්පොළේ තිබී ඇති අතර ඇය 16 හැවිරිදි වියේ පසුවන කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් ඊට පෙර දිනයේ යුවළ දෙකක් පැමිණ එම නවාතැන්පොලේ කාමර දෙකක ලැගුම් ගත් බවත් එම යුවළ දෙකින් එක් යුවළක ලෙස මෙම දැරිය හා තවත් තරුනයෙකු පැමිණි බවත් නවාතැන්පොළේ හිමි කරුවන් දන්වා ඇත.
දැරියගේ නිවැසියන්ට දැන්වීමෙන් පසුව දැනගන්නට ලැබී ඇත්තේ සියගිය දැරිය පාසල් සිසුවියක බවත් නිවසට වෙනත් යමක් පවසා ඊයේ පිටව ගොස් තිබූ බවත්ය.
පොලිස් විමර්ශන අනුව අකේ කාමරයේ ලැගුම් ගෙන සිටි තරුණ යුවළ අත්අඩංගුවට ගත් නමුත් දැරිය සමග කාමරයේ සිටි තරුණයා උන්හිටි ස්ථාන වලින් පළාගොස් මේ වනවිට අතුරුදන්ව ඇත.
දැරියගේ සිරුරේ තැන් කිහිපයක සීරීම් කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමටද හැකිව තිබේ.
තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන එහි රැඳී සිටියදී තරුණයා දැරියව ඉහළ සිට පහළට තල්ලු කරන්නට හෝ දැරිය ඉහළ සිට පනින්නට ඇතැයි පොලිසියට සැක මතුව තිබේ.
දැරිය සමඟ පැමිණි තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සදහා කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


Comments
Post a Comment
Your comment will be visible after approval