habaraduwa-incident

ගාල්ල හබරාදුව ප්‍රදේශයේ අද උදෑසන වෙඩි තැබීමේ සිදුවීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය.
සිය දරුවා පාසලට ඇරලවා නිවස බලා යමින් සිටි අඹු සැමි යුවළකට අද (24) හබරාදුව හිනටිගල ප්‍රදේශයේ දි එල්ලවු වෙඩි ප්‍රහාරයකින් සැමියා මියගොස් බිරිද බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.


මියගොස් ඇත්තේ වික්‍රමසෙනරත් යාපාගේ ලක්ෂිත නුවන් කුමාර (38) නැමති හේන්ගෙදරවත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දරුවා පාසලට ඇරලවා නිවස බලා එමින් සිටියදි ත්‍රිරෝද රථයේ පිටු පසින් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති  අතර

පිස්තෝලයකින් මෙම  ප්‍රහාරය එල්ලකොට ඇති අවස්ථාවේ ඒ සමග ත්‍රිරෝද රථය පෙරලි ගොස් ඇතැයිද වාර්තා විය.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ සිරුරට වෙඩි උණ්ඩ 10ක් පමණ වැදි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වී ඇති අතර බිරිදගේ ගෙලටද වෙඩි වැදී ඇත. හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
සිද්ධිය සම්බන්ධ පොලිස් නිවේදනය පහතින්