පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග අද දින කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ.Muslim National Alliance නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරයා පසුගියදා රජයට සහය පළ කළ අයෙකි.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3.5 සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් අල්ලාගත් බවත් මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මුවාවෙන් එම වාසිය පාවිච්චි කර රන් තොගය රැගෙන යාමට දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ බවත් ගුවන් තොටුපළ පොලිසිය පවසයි.
