avissawella-incident

තම තුන් හැවිරිදි දරුවා උස්සා පොළොවේ ගැසූ පියකු අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේදී ඊයේ (22) අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අවිස්සාවේල්ල ඉහළ තල්දූව වත්තේ පදිංචිකරුවකු වන සැකකරු දරුවා පොළොවේ ගැසීමෙන් පසු බිරිය ඉදිරිපිටට ගොස් වස ශරීරගත කර ගැනීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දරුවා සහ සැකකරු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.



රෝහල්ගත කළ සැකකරු මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව රෝහලෙන් පිටව පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.  අනතුරට පත් දරුවාට මූලික ප්‍රතිකාර දීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ජේ.එම්. ප්‍රසන්න ජයලත් මහතාගේ උපදෙස් පරිදි, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයානි මහත්මිය මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූවාය.



කේ. බුද්ධික කුමාරසිරි