
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.
ඔහු සන්තකයේ තිබූ රත්‍රං තොගය සහ ජංගම දුරකථන 91 ඇතුලු සියලු භාණ්ඩ රාජසන්තක කර තිබේ
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහරිනු ලැබූ බව රේගු මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එසේම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බව ද පවසයි.අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක බවට ගණන් බලා තිබේ.ශ්‍රී ලංකා රේගුව පවසන්නේ ඔහු විසින් ජංගම දුරකථන 91ක්ද රැගෙන විත් ඇති බවය. එම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බව ද සදහන් කරයි.ඒ අනුව අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් මෙරටට නීතිවිරෝධී රැගෙන විත් ඇති භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන් 78.2ක් බව පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval