saliya-peris-speaks

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැති රැස්වීමකදී මෙසේ පැවසීය.



"ඔබට මතක් කරොත් රැඳවුම් නියෝග සම්බන්ධයෙන් ඇමතිවරයට බලය දීලා තිබුණා රැඳවුම් නියෝග නිකුත් කරන්න. නමුත් දැන් උත්සහ කරනවා ඒ බලය දෙන්න පොලිස්පතිවරයට.  නියෝජ්‍ය පොලිස්පතිවරයා එක එක පුද්ගලයන්ට විරුද්ධව ඕ.අයි.සීට කියලා රිපෝට් එකක් දම්මලා රැඳවුම් නියෝග නිකුත් කරන්න පටන් ගනී. සමහර පොලිස් නිලධාරීන්ට ආදායම් මාර්ගයක් වෙන්නත් පුළුවන් මේ ප්‍රතිත්‍රස්ත පනත.



දැන් වසන්ත මුදළිගේට විරුද්ධව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඩීඕ ගහලා ඊට පස්සෙ රිමාන්ඩ් කරවනවා. නමුත් වසන්ත මුදළිගේ කරායැයි කියන ක්‍රියාවන් සම්බන්ධයෙන්ම තව සැක කරුවන් ඉදිරිපත් කරනවා සාමාන්‍ය නීතිය යටතේ දණ්ඩ නීති සංග්‍රහයෙන්. පැහැදිලිවම මේ රටේ දේශපාලන අධිකාරිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි පොලිසිය. අද පොලිස්පතිවරයා බුලත් දීලා වැදලා දේශපාලකයින්ගේ ගෙවල් වලට යනවා. අපි දන්නවා පොලිස්පතිවරයට හයියක් නෑ කියලා දේශපාලන අධිකාරියට විරුද්ධව කටයුතු කරන්න."