dan-priyasad-speaks

නම වෙනි සේනාංකයේ සභාපති හා ආන්දෝලනාත්මක දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා වෙත දෝෂාරෝපණ එල්ල කර තිබේ. ඔහු මෙසේ පවසයි.

"අපි දැක්කා විමල් වීරවංශය මහත්මයයි ඇමරිකානු තානාපතිනියයි තමයි දැන් හැප්පෙන්නේ. ඇමරිකාවෙන් හරි කමක් නැ සම්පූර්ණයෙන්ම රට පාලන කරානම් ඇත්තටම හොඳයි. මොකද ඊට පස්සේ ඇමරිකානු පුරවැසියෙක් වෙනවා.

ජනාධිපතිවරයට අපි කියනවා මේක කොටස් කොටස් වශයෙන් විකුණන්න ඕන නෑ.

මුළු රටම රටේ ඉන්න ජනතාවත් එක්ක ඇමරිකාවට විකුණලා දැම්මනම් අපේ රටේ ජනතාව බොහෝම සුවසේ ජීවත් වෙනවා. නැත්තම් නැවතත් එංගලන්තෙට කතා කරලා නැවතත් යටත් කර ගන්න කිව්වනම් මීට වැඩිය හොඳට මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බා.

වෘත්තීය සමිති මොකක් හරි අල්ලගෙන දඟලනවා. දැන් ඔන්න නැවේ ප්‍රශ්නේ අරගෙන ජනතා විමුක්ති පෙරමුණ අන්න පාරට බැහැලා. ජනතා විමුක්ති පෙරමුණට පොඩි හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඒ ප්‍රශෙනේ කරේ තියාගෙන මළ මිනියක් කර තියාගෙන කොහෙ හරි හංදියක ඔන්න පිරිසක් එක්ක විරෝධතාවයක යෙදෙනවා.



තානාපතිවරුත් එක්ක හැප්පී හැප්පි යනවා. අපි හැප්පෙන්න ඕන අපිට පුළුවන් මිනිස්සු එක්ක. විමල් වීරවංශ හිතාගෙන ඉන්නව ඇති මෙයාගේ මෙ පංචායුධේ තියාගෙන තානාපතිනියත් එක්ක හැප්පෙන්න පුළුවන් කියලා. ඇමරිකාවට තද වෙලා ලංකාවට ගහන්න ගත්තොත් විමල් වීරවංශ මහත්තයට විතරක්ම නෙමෙයි ලංකාවේ ඉන්න මිනිස්සුන්ටත් යන්න තැනක් නැති වෙයි. මෙවැනි මෝඩ චූන් මෝඩ ආතල් මේ කාලේ දෙන්න එපා. නැවත වතාවක් කුසගින්නෙයි බඩ ගින්නෙයි මැරෙන්න බැහැයි කියලයි අපිට කියන්න තියෙන්නේ.

ඉදිරියෙදි මේ රට හොඳ පැත්තකට යන්න ඕන නම් විමල් වීරවංශලා වගේ කටමත දොඩවන මිනිස්සු ඉවත් වෙන්න ඕන. ඒ නිසා මිනිස්සු ආතල් බලන්න නෙමෙයි ඉන්නේ. අපිටත් මතකයි මිනිස්සු හොඳම ආතල් එකක් දුන්නා ඕගොල්ලන්ට."