හපුතලේ දෙමළ ප්‍රාථමික පාසලේ සිසු දරුවන් 38දෙනෙකුට කොසු මිටකින් පහර දුන් බව කියන විදුහල්පතිවරයා අද (24දා) සිට වෙනත් පාසලක ගුරු තනතුරක් සඳහා ස්ථාන මාරු කර විධිමත් විනය පරීක්ෂණයක් සිදුකර එම නිර්දේශ අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බව බණ්ඩාරවෙල කලාප
අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය.මෙම පාසලේ 4වසරේ සිසු සිසුවියන් අතින් පසුගිය 20 වැනිදා පන්ති කාමරයේදී කොස්සක මිටක් කැඩූ බව කියන සිද්ධියකින් පසු එයට උරණ වූ විදුහල්පතිවරයා එම පන්ති කාමරයට පැමිණ කැඩුණ කොසු මිටෙන් පන්ති කාමරයේ සිටි සිසු දරුවන් 38 දෙනාටම පහරදී තිබෙන බවට දෙමාපියන් හපුතලේ පොලීසිය හා බණ්ඩාරවෙල කලාප කාර්යාලය දැනුවත් කර විදුහල්පතිවරයාට විරෝධය පාමින් පසුගියදා (21දා) පාසල ඉදිරිපිටදි උද්ඝෝෂණයකද නිරත වූහ.
පන්තිකාමරයේදී කොසුටෙන් පහරකෑමට ලක්වු සිසු දරුවන් එම අවස්ථාවේදීම පාසලේ ගුරුවරුන්ටද සිද්ධිය පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වු කිසිදු සිසුදරුවෙකු රෝහල්ගත නොවුණ බව කියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, විදුහල්පතිවරයා ස්ථාන මාරුකර විනය පරීක්ෂණයෙන් ලැබෙන නිර්දේශ මත නීත්‍යානුකූලව කටයුතු කරන බවයි.
ප්‍රසන්න පත්මසිරි