imasha-kalutara-death

කළුතර මතුගම මාර්ගයේදී ට්‍රක් රථයක් පුද්ගලයන් තරුණ යුවළකගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙයි.


මොවුන් දෙදෙනාම ඊයේ (23) රාත්‍රියේ කළුතර සිට මතුගම දෙසට ගමන් කරමින් සිටි අතර ඔවුන් ගමන් ගත් වාහනය  හන්දියකදී මාළු මිලදී ගැනීමට නවතා ඇත.
එම අවස්ථාවේදී කළුතර සිට මතුගම දෙසට ධාවනය වූ ට්‍රක් රථය දෙදෙනාගේ ගැටීමෙන් අනතුරක් සිදුවිය.
සිද්ධියෙන් ඔවුන් දෙදෙනාම බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී තරුණිය මිය ගියාය.
අනතුරින් මිය ගොස් ඇත්තේ කළුතර වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඉමාෂා කරුණාතිලක නමැති තරුණියකි.
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා  අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
තරුණ යුවළ ළඟදීම විවාහ වීමට නියමිතව සිටි අය බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ට්‍රක් රථ රියදුරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.