galnewa-incident

අවුරුදු දාහතරක් වයසති තම දියණිය මත් වී සිටින බව පවසමින් මවක සිය දියණියද කැටුව වඳුරඹ පොලිස් ස්ථානයට පෙරේදා (26) පැමිණි පැමිණිල්ලක් කර ඇත. සිය දියණියට මත්ද්‍රව්‍ය හෝ මත්වීමට වෙනත් ද්‍රව්‍යයක් දී ඇති බව පෙනී ගිය බව මව පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය පී.ආර්.සී. විජේනායක මහතා හමුවට යොමු කර ඇත. මෙම බාලවයස්කාර දැරිය දූෂණයකට ලක්වී ඇති බවත් මත්ද්‍රව්‍ය පානය කර  නොමැති බවත් සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



පසුව දැරියගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා එම දැරිය දූෂණය කළේ යැයි කියන දාහත් හැවිරිදි පාසල් සිසුවෙක් වඳුරඹ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර සිසුවා බද්දේගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අයෙකි. සිසුවිය පාසල් ගොස් පාසල් වෑන් රථයෙන් නිවසට නොපැමිණි නිසා, මව දියණිය ගැන විපරම් කර බැලීමට බද්දේගම ප්‍රදේශයට ගොස් ඇතත් ඇය හමුවී නැති අතර පසුව මව නිවෙසට එනවිට දියණිය ද එහි පැමිණ සිට ඇත.



එම සිසුවියගේ මව පන්තිභාර ගුරුවරයාට දුරකථනයෙන් කතාකර ඇති අතර දියණිය පෙරේදා දිනයේ පාසලට නොපැමිණි බව ඔහු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිය දියණිය මත්වී සිටින බවක් පෙනී ගිය නිසාත් කිසිවක් ඒ ගැන ප්‍රකාශ නොකරන නිසාත් මේ ගැන මව සිය දියණිය ද කැටුව පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.  වඳුරඹ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිහු පිරිසක් මේ  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. 

ශ්‍රීනාත් පුසන්න ජයසූරිය