russia-gives-awards-to-fighter-pilots-involved-in-us-drone-crash

ඇමරිකාවට අයත් නිරීක්ෂක ඩ්‍රෝන යාත්‍රාවක් රුසියානු ගුවන් සීමාවට අයත් ක්‍රිමියානු සීමාවේ කළුමුහුදට ඉහළ අහසේදී රුසියාව විසින් විනාශ කිරීම මේ වනවිට ජාත්‍යන්තර යුද්ධයක පෙරනිමිති හඟවා ඇතැයි  වි​දේශ මාධ්‍ය සඳහන් කරයි.
මෙම බිම හෙළීම මීට දින දෙකකට පෙර සිදුවූ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර තර්ක විතර්ක රැසක් පැනනැගුණ අතර
කළු මුහුදට කඩා වැටුණු එක්සත් ජනපද නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙළීමට සම්බන්ධ ප්‍රහාරක ගුවන් නියමුවන් දෙදෙනාට රුසියාව රාජ්‍ය සම්මාන ප්‍රදානය කර ඇති බව අද (18) රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
අභියෝගාත්මක ලෙස එක්සත් ජනපද නිලධාරීන් නිවේදනය කළේ කලාපයේ ඔත්තු බැලීම් නැවත ආරම්භ කර ඇති බවයි.

සම්මාන පිරිනැමූ සිකුරාදා Su-27 ජෙට් ප්‍රහාරක ගුවන් නියමුවන්ට රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු,  ඩ්‍රෝන් යානය පියාසර කිරීම වැළැක්වීමේ ඔවුන්ගේ ජයග්‍රහණය අගය කළේය.
ප්‍රවේශය තහනම් කර ඇති ක්‍රිමියාවට ආසන්න ප්‍රදේශයකට යානය ගමන් කළේ ඩ්‍රෝන් යානය සතු ට්‍රාන්ස්පොන්ඩර් ක්‍රියා විරහිත කර බවත් ඒ මගින් ජාත්‍යන්තර නීති උල්ලංඝනයක්ද සිදුකර ඇති බවත් යානය සන්නිවේදන සංඥා සොයාගන්නට බැරි ලෙස ගමන් කිරීම රහසිගත මෙහෙයුමක් ලෙසත් රුසියාව චෝදනා කරන ලදි.

විශේෂ මිලිටරි මෙහෙයුම සඳහා පිහිටුවා ඇති තාවකාලික ගුවන් අවකාශයේ භාවිත පාලන ප්‍රදේශයේ සීමාවන් උල්ලංඝනය කරමින් ගමන් කළ නිසා යානය විනාශ කරන්නට සිදුවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



ක්‍රෙම්ලිනයට පක්ෂ දේශපාලන විශ්ලේෂක සර්ජි මාර්කොව් පැවසුවේ ගුවන් නියමුවන් මේ ආකාරයට ඇගව්‍යීම මගින් “රුසියාව දිගටම එක්සත් ජනපද ඩ්‍රෝන යානා බිම හෙළන බවට පැහැදිලි සලකුණක්” පෙන්නුම් කර ඇති බවයි.

 සිද්ධියට අදාළව කරුනු දක්වමින් රුසියානු Su-27 ප්‍රහාරක ජෙට් යානා ඩ්‍රෝනයට බාධා කර සමීපව ගමන් කරන ආකාරය දැක්වෙන තත්පර 42ක වීඩියෝ පටයක් එක්සත් ජනපද හමුදාව විසින් නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ සීමා උල්ලංඝනය නොකළ බවයි.
MQ-9 රීපර් ඩ්‍රෝන යානය ජාත්‍යන්තර ගුවන් සීමාවේ පියාසර කරමින් සිටියදී රුසියානු ජෙට් යානයක් ඩ්‍රෝන ප්‍රචාලකයේ වැදීමෙන් පසු එය කළු මුහුදේ අතහැර දැමීමට සිදු වූ බව එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කළේය.

ක්‍රිමියානු වරාය නගරයක් වන සෙවාස්ටොපෝල් සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් මීටර් 850-900ක්  ගැඹුරකදී රුසියානු නාවික හමුදාව විසින් ඩ්‍රෝන යානයේ සුන්බුන් සොයාගෙන ඇති අතර සුන් බුන් සෙවීමට දුස්කර බව ඇමරිකාව පවසා තිබේ.
මොස්කව් සහ වොෂින්ටනය මුලින් ඩ්‍රෝන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රබල වාග් ප්‍රහාරවල නිරතවූවද, රුසියානු නියමුවා හිතාමතාම කාර්ය මණ්ඩලයක් නොමැති ගුවන් යානයට පහර දුන්නේ දැයි නොදන්නා බව ප්‍රකාශ කරමින් එක්සත් ජනපදය ආතතිය සමනය කිරීමේ අරමුණින් පසුව පෙනී සිටියේය.

රුසියානු නිලධාරීන් සිද්ධියෙන් පසුව වොෂින්ටනය සමඟ සන්නිවේදන මාර්ග පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද අවධාරනය කරන ලදි. ඒ සමගම එක්සත් ජනපදය සිය දේශසීමාවල නිරීක්ෂණ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම මෙන්ම රුසියානු හමුදාවන්ට පහර දීමට භාවිතා කරන යුක්රේනය සමඟ මිලිටරි බුද්ධි තොරතුරු බෙදා ගැනීම දැඩි ලෙස හෙළා දැක ඇත.