putin-arrest-warrent

පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලද බව බටහිර මාධ්‍ය මගින් ඊයේ ඉහළින් වාර්තාකර තිබේ. යුක්‍රේන දරුවන් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බව ඒකපාක්ෂික තීන්දුවකින් ප්‍රකාශ කර තිබේ. නමුත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවනවා සේම එය විහිළු සහගත තර්ජනයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


පුටින්ට මෙම තර්ජනය මතුවන්නේ චීන නායකයා හා රුසියානු නායක පුටින් අතර සිදුවන්නට යන හමුවක් ගැන වාර්තා පළවීමත් සමග වීම විශේෂිතය.

යුක්රේන යුද්ධයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරු බවට ජාත්‍යන්තර අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර තිබේ. අධිකරණය පැවසුවේ- පුටින් යුක්රේනයේ දරුවන් පැහැරගෙන ගොස් පිටුවහල් කිරීමේ අපරාධයට ඔහු වගකිව යුතුය. කෙසේ වෙතත්, රුසියාව යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි.



රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවේ - නීත්‍යානුකූලව මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව රුසියාවට තේරුමක් නැති බවයි. මන්ද රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියේ කොටසක් නොවන බැවිනි. ඇත්ත වශයෙන්ම, රටවල් 123 ක් අධිකරණය පිහිටුවීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත. රුසියාව අත්සන් කළේ නැත. මේ හේතුව නිසා රුසියාව ICC හි කිසිදු තීරණයක් පිළි නොගනී.

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විභාගවූ නඩුවේදී මෙම ළමුන් යුක්රේන භූමියෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කර ඇති බව කියා තිබේ.
කිසිම රටක නායකයෙකු අත්අඩංගුවට ගැනීමේ බලය ICC ය සතුව නොමැත. එයට හේතුව තමන්ටම කියා පොලිසියක් නොමැති වීමයි. ජාත්‍යන්තර නීතියට අනුව, ICC ට ඕනෑම රටක නායකයාට චෝදනා එල්ල කළ හැකි අතර, ඔවුන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැකිය, නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ලොව පුරා රටවල් වල නීති මත රඳා පවතී.

එවැනි තත්ත්වයක් තුළ පුටින් අත්අඩංගුවට ගැනීම කළ හැක්කේ ආකාර 2කට පමණි.

පළමුව - පුටින් පිටුවහල් කළ යුතුය, දෙවනුව - රුසියාවෙන් පිටත වෙනත් රටක දී ඔහු අත්අඩංගුවට ගත යුතුය, එය කළ නොහැකි බව පෙනේ.

යුද්ධය සඳහා ද අපරාධ නීති කිහිපයක් තිබේ, මෙම නීති ජිනීවා සම්මුතිය, හේග් සම්මුතිය සහ අනෙකුත් ජාත්‍යන්තර නීති සහ ගිවිසුම් යටතේ සකස් කර ඇත. යුද අපරාධ යනු සිවිල් වැසියන් හිතාමතා ඝාතනය කිරීම හෝ යුද සිරකරුවන් හිතාමතා ඝාතනය කිරීම, වධහිංසා පැමිණවීම, ප්‍රාණ ඇපයට ගැනීම, සිවිල් දේපළ අනවසරයෙන් විනාශ කිරීම, යුධ සමයේදී ලිංගික හිංසනය, කොල්ලකෑම් සහ ළමයින් බඳවා ගැනීම ඇතුළු යුද නීති උල්ලංඝනය කිරීම් වේ.

රුසියාව පරාජය කිරීමට කිසිවකුට නොහැකි බව පුටින් පවසා තිබේ. කිසිවකුගෙන් උදව් ලබා ගැනීමද ප්‍රතික්ෂේප කර ඇති ඔහු ඇමරිකාව සමඟ 11 වසරක් පැරණි න්‍යෂ්ටික ගිවිසුම ද බිඳ දැමීය.