rewul-kumara-wife-arrested

දැනට මත්ද්‍රව්‍ය ජාවාරමට හා විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින මුතුනායකගෙදර මහින්ද නොහොත් රැවුල් කුමාර නමැත්තාගේ පළමු විවාහක බිරිඳ යැයි පැවසෙන කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇතැයි නීතිව්රෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල, උඩවැලිවිටිතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.



අදාළ කාන්තාවගේ නිවස වෙත ගිය නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙහි අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි. එම කාන්තාවගේ පෞද්ගලික ගිණුම් දෙකකට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත්තායැයි සැකකෙරෙන රුපියල් දෙකෝටි තුන්ලක්‍ෂ අසූහත්දහස් අටසිය පනහයි සත අනූදෙකක මුදලක් තැන්පත් කර ඇති බවටත්, ඉන් රුපියල් කෝටි එකහමාරක මුදලක් වැයකර නිවසක් ඉදිකර ඇති බවටත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.  ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් තැනුවේ යැයි කියන එම නිවස විකිණීම, අන්සතු කිරීම, පැවර්ම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර තිබේ.
(ප්‍රාර්ථනා ලියනගේ -අද)