
රත්නපුර මහාධිකරණ සංකීර්ණයේ දී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමින් යුත් පෙන්ඩනයක්, රන් මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට පෙරේදා (21) ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
රත්නපුර මහාධිකරණයේ අංක 2 ශාලාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අයත් නිල කාමරයේ ගමන් මල්ලක දමා තිබූ පෙන්ඩය සහිත රන් මාලය මෙලෙස කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සොරකම ඉකුත් 17 වැනිදා සිදුවී ඇති බවට ද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. රත්නපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval