indika-anurudda-speaks

පොදු ජන පෙරමුනේ මාධ්‍ය හමුවකට එක්වූ නියෝජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මෙසේ කීවේය.


'2019 ආණ්ඩුව ලබා ගැනීමත් සමග අපි දැක්කා අපිට යම්කිසි අරමුදල් යම්කිසි දායකත්වයන් අපේ ආර්ථිකයට ඕනා කරන එක'
එය සැලසුම් කරගන්න ඕන ඒ සැලසුම් කරගන්න ඒ වටපිටාව තුළ තියෙද්දී තමයි මේ ආර්ථික කඩාවැටීම සිද්ධ වුණේ.
 හැබැයි වර්තමාන ජනාධිපතිතුමා ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය ඇමතිවරුත් කැබිනට් ඇමතිවරු ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ සියලු දෙනාගේ අති මහත් කැපවීම තුළ මං හිතන්නේ මේක කඩිනමින් සාර්ථක කරගන්න පුළුවන් වුණා.
ඒ නිසා චෝදනාවක් තිබුණ  කවුරුත් දන්නවා 134 ආණ්ඩුව හදාගෙන ඒකාධිපති බලයකට රට ගෙනියනවා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ නෑ ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ආණ්ඩුව කටයුතු කරන්නේ මේ වගේ චෝදනා අවලාද ගොඩක් නැගුවා හැබැයි අද ජාත්‍යන්තරය පිළිඅරගෙන තියෙනවා රටට උදව් කරන්න.


 ලංකාවට උදව් කරන්න ඕනා ඒ වගේම උදව් කිරිම තුළ ලංකාව තිරසාර සංවර්ධනයකට ඉදිරියේ ගමන් කරනවා කියන එක ජාත්‍යන්තරය පිළිඅරගෙන තියෙනවා ඒ නිසා විශේෂයෙන් අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන.
ජනාධිපති ජාත්‍යන්තරය ඒ වෙනුවෙන් යොමු කිරීම් එහෙම නැත්තං ඒ මාර්ගයේ ජාත්‍යන්තරයට පෙන්වා දීලා මේ ජයග්‍රහණය ලබා ගැනීම සමහරු සමච්චල් කරනවා. ණයක් ගත්තාම ලොකුවට අඬ බෙර ගහනව කියලා.
නමුත් ණය ගන්න පුද්ගලයා මේ ණය කළමනාකරණය කරගෙන මේ ණය තුළින් ආදායම් වර්ධනය කරන්නේ කොහොමද කියන එක ළිඳෙන් එලියට ඇවිල්ල බැලුවොත් විශාල පරාසයක් අපිට තියෙනවා.

ජනාධිපතිතුමා ඉලක්ක කරන්න යන්න එපා ආණ්ඩුව ඉලක්ක කරන්නේ එන්නේ පරාසයට යන්න..ඉදිරි අනාගතය අපිට එතැනට යන්න තියන නිසා පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුටු වෙනවා වර්තමාන ජනාධිපති වරයා ව පත් කරන්න ඒ වගේම මේ ආණ්ඩුව නොකඩවා ඉදිරියට ගෙනියන්න මැදිහත් වෙච්ච ප්‍රධානම හවුල්කාර පක්ෂ විදිහට අද රටට සුබදායී තත්ත්වයක් උදාවීම ගැන.
 ඒ නිසා මං හිතන්නේ විපක්ෂය ගොඩක් අය චෝදනා කරා මරික්කාර් මන්ත්‍රිතුමා ලා වගේ අයගේ ඔය අයිඑම්එෆ් වෙන්නේ නෑ කියලා කිව්වා.
 ඔක්තෝබර් එනවා කියලා කිව්වා දෙසැම්බර් එනවා කියලා කිව්වා මාර්තු වෙනවා කියලා කිව්වා ඕක හම්බෙන්නෙ නෑ කියලා දැන් සතියකට දෙකකට උඩදි කිව්වා.


ඔබ තමුන්නාන්සේලා දන්නවා මාධ්‍යයට ඇවිල්ල මේගොල්ලෝ මේ වගේ පුරසාරම් දෙඩු බව.
හැබැයි අපි ක්‍රමානුකූලව මේ ගමන ගිහිල්ලා මේ ජයග්‍රහණය ලබා ගත්තා මිලියන 300ක් දෙකයි දශම නමයක් බිලියන ලැබිය යුතු තැන මිලියන 300 ලැබීමත් සමඟ අපි දැක්කා ඩොලර්ය කොච්චර පල්ලෙහාට ආවා ද කියලා ඒක තුළින් ජනතාවට ලැබෙන වරප්‍රසාද අපිට දැන් දැනෙමින් තියනවා.
ආයෝජකයෝ සහ මේ මුදල් කළමනාකරණය කිරීමත් තුළ අපිට යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් උදාවෙයි වසරක් දෙකක් තුනක් යන තැනදි ජනාධිපතිතුමා පුරෝකතනය කරපු ඉලක්කවලට යන්න පුළුවන්කම ලැබේවි. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සාමූහිකව ප්‍රයත්නයක ජයග්‍රහණයක්.
ණය ලැබීම උදම් ඇනීමට කාරණාවක් නොවුනට ණය ලබා ගත්තු ණය තුළින් ඉතිහාසය ගොඩ ගැහිච්ච ණය කන්ද කළමනාකරණය කරල ක් ගෙවා ගන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න ජන මනස තුළත් ඇති වෙමින් තියෙනවා. මං හිතන්නේ ඒක සමස්ත ලංකා වාසී සියලු දෙනාට මං හිතන්නේ බලාපොරොත්තුවක් .
කළමනාකාරිත්වයක් කරගත්තොත් අපිට මේ ඩොලර් ඒ ඉතුරු කරගෙන ලොකු ගමනක් යන්න පුළුවන් අයි ඒ වගේම අපි ඉල්ලනවා මේ අරගල කරන නැත්නම් විරෝධතා දක්වන නැත්නම් පෙළපාලි යන එම නැත්තං යම් යම් දේවල් එක්ක මහපාරට ඇවිල්ලා මේ විරෝධතා දක්වන අයට අපි කියනවා කාරුණිකව මේ රට හුස්ම වැටෙන වෙලාවේ මේක ටිකක් ඉඩ දෙන්න බෙල්ල මිරිකන්නේ නැතුව මොකද විදේශිකයෝ අද බලපුහාම රට පුරා සැරිසරන විදේශිකයො දහස් ගණනක් හිතන්නේ ලක්ෂ කට ආසන්න ගණනක් ගිය පෙබරවාරි මේ මාර්තු අතර මේ රටට ඇවිල්ල තියෙනව.


 ඒ වගේම අප්‍රියල් කාලවකවානු තුළ ඒ අය සංචාරකයෝ හෝටල් ඇනවුම් කරල තියනවා ඉතින් මේ සංචාරකයෝ නිදහසේ මේ රටේ තව එන විදේශිකයෝ ඇවිල්ල මේ රට තුළ ඇවිදිනවා දරුවෝ එක්ක ගමන් කරනවා හැබැයි අපේ මිනිස්සු ගිහිල්ලා මේ පන්දම් උස්ස ගෙන ඒමත් නැත්තං මේ මේ තැන් තැන් වල විරෝධතාවය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග කියාගත්තු කොටස් ඇවිල්ලා මේ විරෝධතා දක්වන අයිතිය නිසා මං හිතන්නේ මේක වෙලාවක් නෙවෙයි.
මේ රටේ යම්කිසි හැරවුම් ලක්ෂයක් හා ආරම්භ වෙච්ච මොහොතේ මේ වගේ දේවල් කඩාකප්පල් කරන්න ලෑස්ති වෙන්නෙපා.
 ඒ තුළින් නීතිය ක්‍රියාත්මක වීම පලිගැනීමක් විදිහට දකින්නත් එපා මොකද යම් යම් දේශපාලන පටු අරමුණු ඉෂ්ට කරගන්න ඕන නිසා යම් යම් අය මේ වගේ දේවල් මහපාරට ගේනවා ඉතින් ඒ නිසා එතන දී ජනාධිපතිතුමන් ආරක්ෂක අංශය නීතිය සාමය අමාත්‍යංශයත් වගකීම් සහිතව ඒගොල්ලන්ගෙ නීතිය ක්‍රියාත්මක කිරීම කරොත් කාට කාටත් රිදෙයි.
ඒ නිසා වැරැද්දට දඬුවම දෙන එක මං හිතන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීම නැත්තං මේ වැරදි හැදෙන්නේ නෑ පොඩි තැනින් වැරදි පටන් අරගෙන තමයි මැයි නම වැනිදා ගිනිජාලාවක් වුණේ.
  මේවා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකත් අපි ඒ අදාළ තැන්වලට කියනවා'