darshana-rajendran-rohan-mathew

ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටය නැරඹීම සඳහා පසුගියදා මලයාලම් නළු නිලි දෙපළක් පැමිණ තිබුණි. ඔවුන්  ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කරන අලුත් ම චිත්‍රපටයේ,

ප්‍රධාන චරිත නිරුපණය කරන්නට සූදානම් වන  මලයාලම් නළු රෝෂන් මැතිව් සහ මලයාලම් නිළි දර්ශනා රාජේන්ද්‍රන් ය.
මේ අය සමග ශ්‍රී ලංකාවේ මහේන්ද්‍ර පෙරේරාද දායකවී ප්‍රසන්නගේ ඊළඟ නිර්මාණය සිදු කරන්නට යන බවත් ඔවුන් ලංකාවේ පසුගිය දිනවල ස්ථාන නැරඹීම් හා අධ්‍යයන චාරිකාවට සම්බන්ධ වූ බවත් පැවසෙනවා'
රෝෂන් මලයාලම් සිනමාවට සම්බන්ධ වන්නේ 2016 පමණ සිටයි. Aanandam (2016), Koode (2018) සහ Moothon (2019) රඟපා ඇති අතර අවසාන නිර්මාණ දෙකටම සම්මාන දිනා ඇත.
දර්ශනා රාජේන්ද්‍රන් රංගන දිවිය ආරම්භ කළේ 2014 මලයාලම් චිත්‍රපටයක් වන John Paul Vaathil Thurakkunnu චිත්‍රපටියෙනි. Kavan (2017) සහ Irumbu Thirai (2018)  චිත්‍රපට වල ප්‍රධාන චරිතය රඟපෑවාය.


Pix By -Indika Mallawarachchi