
කේට් සහ විලියම් දෙපළ දකුණු වේල්සය පුරා ස්ථාන ගණනාවක සංචාරයේ යෙදී සිටියදී ඔවුන් එම ප්‍රදේශයන්හි ළමුන් හමු වී තිබෙන අතර 'ශාන්ත ඩේවිඩ් දිනය' සැමරීම සඳහා බීජ රෝපණයක් සිදු කර තිබුණි.
මෙම සංචාරය අතරතුර කේට් , දකුණු වේල්සයේ ඇබෙරවෝන් විවේක මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවකදී එහි ව්‍යායාම් පුහුණු මධ්‍යස්ථානයේදී තම සැමියා සමග තරග කර සයිකල් පැදීමේ තරඟයකින් පරාජයට පත් කර තිබෙයි. මෙහි විශේෂත්වය වන්නෙ ඇය මෙම සමත්කම කර තිබෙන්නේ ඇයගේ අඩි උස සපත්තු පැළඳ සිටියදීම වීම බව ස්කයි නිවුස් වාර්තාවක දැක්වේ.
මෙම සයිකල් පැදීම සිදුකරන්නේ ශාරීරික අභ්‍යාස සඳහා පිහිටුවා තිබූ සයිකල් වලිනි.
මෙම තරඟය තත්පර 45 ක් ඇතුළත වැඩිම දුරක් පැදිය හැකි කාටදැයි උරගා බැලීම සඳහා සඳහා වූ අතර කේට් අවසන ජයග්‍රහණය කළාය.
එම තරග අවස්ථාවේ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval