The-eye-drops-that-blinded-America-reveal-the-secret

පසුගිය දිනවල ඇමරිකාවේ පැතිරගිය අසාමාන්‍ය අක්ෂි රෝගයක් නිසා විශාල බියක් පැතිර ගිය අතර එය ඇස්වලට යොදන ඖෂධයක් නිසා පැතිර යන්නක් බව සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකිවීමෙන් බොහෝ අයගේ අන්ධභාවය වළක්වාගන්නට හැකිවූ බව ඒපී පුවත් සේවය වාර්තා කරයි.
ප්‍රාන්ත 13 ක ඇමරිකානුවන් 58 දෙනෙකු ආසාදනය කළ මෙම රෝගය නිසා අවම වශයෙන් එක් අයෙකු මියගොස් පස් දෙනෙකුට ස්ථිරව පෙනීම අහිමි කර තිබුණි. අසාදිතයින් රැසකට පෙනීමේ දුබලතා ළඟා කර දුණි.

රෝගීන්ගේ ඇස් වේදනාකාරී ලෙස ගිනියම් ලක්ෂණ පහළ කළ බවත් ඔවුන්ට ආලෝකය දැනිය හැකි නමුත් වෙන කිසිවක් නොපෙනුණ බවත් නිරීක්ෂණයවී තිබුණි. වෛද්‍යවරයෙක් වරක් එය හැඳින්වූයේ ඔහු මෙතෙක් දැක ඇති දරුණුතම අක්ෂි ආසාදනය ලෙසිනි.



එය අතිශයින්ම භයානක බැක්ටීරියාවක් නිසා ඇති වූ ජාතික පුපුරා යාමේ ආරම්භය විය - සමහරු පවසන්නේ ප්‍රතිජීවක තවදුරටත් ක්‍රියා නොකරන සහ සාමාන්‍ය ආසාදන දරුණු ලෙස අභිබවාලන ලක්ෂණ එහි පෙන්නුම් කළ බවයි.
විද්‍යාත්මක පරික්ෂණ වලින් ඔප්පු වූයේ ඒ සියල්ලම අපිරිසිදු අක්ෂි බිංදු සමඟ සම්බන්ධ වී තිබුන රෝගයක් බවත් ඖෂධය නැවත කැඳවීම මගින් රෝගීන් වාර්තා නොවූ බවත්ය.

රෝග ලක්ෂණ පැතිර ගිය ආකාරය ගැන මුලදී විශේෂඥයින් මවිතයට පත් විය: රෝගීහු රට පුරා විසිරී සිටියහ. මාස ගණනාවක් තිස්සේ රෝග ඇති විය. ආසාදන ශරීරයේ විවිධ කොටස්වලද දක්නට ලැබිණි - සමහර රෝගීන්ගේ රුධිරයේත්, අනෙක් අයගේ පෙනහළු වලත් ආසාදන මතු විය.

නමුත් විද්‍යාඥයන් තැති ගත්තේ ප්‍රතිජීවක තවදුරටත් ඒවාට එරෙහිව ක්‍රියා නොකළ නිසාය.
හූස්ටන්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ලුයිස් ඔස්ට්‍රොස්කි මේ පිළිබඳ විමර්ශනයක් ඇරඹූ අතර එක්සත් ජනපද රෝග විමර්ශකයින්, ප්‍රාන්ත තුනක සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ නියාමකයින් සමඟ දුරකථන සහ ඊමේල් සම්මුඛ සාකච්ඡා වලින් තොරතුරු ගොනු කළේය.

විමර්ශනය මැයි මාසයේදී කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේදී ආරම්භ විය.  රෝගීන්ගේ ඇස් දැඩි කහ සැරවකින් දැවිල්ල ඇති කරන අතර එය පැතිරී පසුව ඇසේ සම්පූර්ණයෙන්ම පෙනීම නැති වී යාම ලක්ෂණය විය.

පළමු ආසාදනය වාර්තා කළ රෝහල එය Pseudomonas aeruginosa නම් බැක්ටීරියාවකින් ඇති වූවක් බව තීරණය කළේය.



Pseudomonas ආසාදන අලුත් දෙයක් නොවන බවට තර්ක කෙරිණි. ඖෂධ-ප්‍රතිරෝධී බැක්ටීරියා වර්ග එක්සත් ජනපදයේ රෝහල්ගත වූ රෝගීන් අතර වාර්ෂිකව ආසාදන 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ මරණ 2,500 කට වඩා වාර්තාවන බව පෙනී යන ලදි. එය අපිරිසිඳු අත් හෝ වෛද්‍ය උපකරණ හරහා පැතිර යා හැකි බවත් කැතීටර් ඇති හෝ හුස්ම ගැනීමේ යන්ත්‍ර මත සිටින දුර්වල රෝගීන්ට විශේෂයෙන් අනතුරුදායක බවත් පැවසිණි.

නමුත් කැලිෆෝනියා ආසාදන තිබුණේ රෝගීන්ගේ ඇස්වල මිස රුධිරය සහ පෙනහළු වැනි තැන්වල නොවීම නිසා මෙම රෝගය පැතිරෙන්නේ සෑම ප්‍රතිජීවකයකටම ප්‍රතිරෝධය දැක්විය හැකි Pseudomonas විෂබීජයක් මගින් බව තීරණය විය.

Pseudomonas බැක්ටීරියාව ඉන්දියාවේද "සෑම තැනකම බොහෝ දුරට" පවතින්නක් බැවින් පර්යේෂකයින් ඒ ගැන විස්තර තවත් සොයන්නට විය. ඒ අනුව ආසන්න වශයෙන් එක්තරා ඖෂධයක් හා මෙම බැක්ටීරියා පැතිරීම සම්බන්ධ බව අනාවරණය විය.

පෙබරවාරි මස මුලදී, ඇමරිකානු සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර FDA විසින් Global Pharma විසින් සාදන ලද තවත් නිෂ්පාදනයක් වන EzriCare eyedrops සහ Delsam Pharma's Artificial Tears නැවත කැඳවන ලදී.


මේ සමගම ආසාදන අවමවී ඇති අතර ඖෂධය හා ආසාදන අතර සෘජු සම්බන්ධයක් සොයාගෙන ඇත.

එක්සත් ජනපදයට නැව්ගත කරන ලද ඖෂධ නිෂ්පාදනවල ආරක්ෂාව සහතික කිරීම සඳහා වගකීම පැවරී ඇති FDA, ඇමරිකානු ඖෂධවල භාවිතා කරන අමුද්‍රව්‍යවලින් අතිමහත් බහුතරයක් සඳහා වන චීනයේ සහ ඉන්දියාවේ අමුද්‍රව්‍ය ගැන සැකසංකා මතු කර තිබේ.
දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේ සිට ගෙන එන අමුද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවට යොමු කර ඇත.


ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ විශේෂඥ Ostrosky එක්සත් ජනපද විමර්ශනය "මහජන සෞඛ්‍ය ජයග්‍රහණයක්" ලෙස හැඳින්වූ අතර ඉදිරියේදී ඖෂධ සම්බන්ධ සුපරීක්ෂාව ගැන කරුණු අවධාරණය කරන බව දන්වා සිටියේය.