champika-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. මේ ලෝකයේ අද පවතින බ්ලොක් චේන් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා සිදුකරගෙන යන ව්‍යාපාරයක්. ඒක ඇත්තටම දියුණු තත්වයක් ලෝකේ තියෙන. හැබැයි මේක පාවිච්චි කරලා කොයින් නිකුත් කරන අය හා අනෙකුත් අය විසින් බරපතල වංචා සිදු කරනවා.



මේ මෑතකදී අත්ඩංගුවට ගත්තා කොරියානු ජාතිකයෙක් යුරෝපයේදී. ඒ වංචනික ක්‍රිප්ටෝකරන්සි මුදලේ වටිනාකම ඩොලර් බිලියන 45ක්. දැන් ලංකාවෙත් පිරමීඩ ආකාරයේ ධන උත්පාදන තියෙනවා. අර තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය වගේ ක්‍රියාවලියක් ඊට වඩා මහා පරිමාණයෙන් සිදු කරගෙන යනවා මුළු රට පුරාම. ඒවා ව්‍යාජ දේවල්, නියම තාක්ෂණය නොදන්න ඔබව වංචා කිරීමට කරන දේවල්, ඒවයේ ආයෝජනය කරන්න එපා.

ම විසින් යූටියුබ් ජාලයට එක් කරන ලද බ්ලෝක්  චේන් තාක්ෂණය පිළිබඳ, ක්‍රිප්ටෝකරන්සි භාවිතය පිළිබඳව තිබෙන යම් වීඩියෝ පටයකුත් ප්‍රචාරණයට යොදාගෙන තිබෙනවා. ඒක ඇත්තවශයෙන්ම බරපතල වරදක්. මහ බැංකුවට අපි ස්තූතිවන්ත වෙනවා මේ මෑතකදී ආයතන 3ක් සම්බන්ධයෙන් ගත් පියවර පිළිබදව."