aththanagalla-vice-principle-arrested

පාසල් දැරියකට අසභ්‍ය ලිංගික ඡායාරූප යැවීමේ සිද්ධියකට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර  සිටින සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා එම  පාසලේම තවත් දැරියකට එලෙසින්ම අසභ්‍ය ලිංගික ඡායාරූප යවා එම  දැරියටද ලිංගික අතවර සිදුකිර්මට තැත් කර ඇති බවට පැමිණිල්ලේ කරුණු දැක්වීම්වලින් අනතුරුව අදාළ පුද්ගලයා අප්‍රේල්  මස 11වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන  ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (27දා) නියෝග කළේය. එසේම සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා  රාගම මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාර්න් වෙත නියම කළේය. ම

ෙලෙස යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ, අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.

සැකකරු විසින් එම  පාසලේම එකොළහ වසර  ඉගෙනුම ලබන තවත් පාසල් දැරියකට අසභ්‍ය ලිංගික ඡායාරූප ඇයගේ ජංගම දුරකථනයට වස්ඇප් මගින් යවා ඇයට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව ගම්පහ  කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් සැකකාර  නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

එම නඩුව පෙරේදා පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙහිදී ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ  කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පක්‍ෂික විනිශියා ප්‍රේමරත්න  මහත්මිය කරුණු දක්වමින්, මේ පිළිබඳ එම පාසලට ගොස් වැඩිදුරටත් පරීක්‍ෂණ පැවැත්වීමේදී සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා එම විද්‍යාලයේම ඉගෙනුම ලබන තවත් දැරියකට 2020 වසරේදී දිනයකදී අසභ්‍ය ලිංගික ඡායාරූප යවා ප්‍රේමනීය අදහස් හුවමාරු කර ගෙන ඇති බවට හෙළි වී ඇතැයිද පවසා සිටියාය.



එම දැරීය 2021 වසරේදී වෙනත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමත් සමග එම ප්‍රේම සම්බන්ධය වහාම නතර කරන ලෙස සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇයට තර්ජනය කර, එසේ ප්‍රේම සම්බන්ධය නැවැත්වූවේ නැතිනම් තමා සියදිවි හානි කර ගන්නා බවට ප්‍රකාශ කර, ඔහු සියදිවි නසාගැනීමට කටයුතු කරනු දැක්වෙන ඡායාරූපයක් එම දැරියට යවා ඇති බවට වැඩිදුරටත් කරන ලද පරීක්‍ෂණවලදී හෙළි ඇතැයිද ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරිය ප්‍රකාශ කළාය.

මේ පිළිබඳ පාසලේම  සාක්‍ෂි ගණනාවක්ම තිබෙන බවත්, සිදුකරන පරීක්‍ෂණ  කටයුතු අවසන් වී නොමැති බවත් අධිකරණය හමුවේ සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරිය, සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන්ද වැඩිදුරටත් කරුණු දක්වමින්  ඉල්ලා සිටියාය. මෙහිදී පොලීසියේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු රාගම රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය  පරීක්‍ෂණයකට භාජනය කර ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව  ඊළඟ දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරින් හට නියෝග කළේය.  මේ වනවිට සිදුකරන  පරීක්‍ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඊළඟ දිනයේ ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළ අතර, නඩුව යළි කැඳවීම අප්‍රේල් මස 11වැනිදාට කල් තැබිණි.


 ආනන්ද ඉ. ජයකොඩි