
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙරටට පැමිණි ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කරන ලද පුද්ගලයකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඊයේ (22 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මීරිගම, මිනිඔලුව පදිංචි ගුවන් සේවිකාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බලපිටිය, අහුන්ගල්ල පදිංචි ධමින්ද්‍ර ශ්‍රීනාත් ජයවර්ධන නමැති සැකකරුවකු එලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරුවේ ඉදිරිපත් කර තිබිණි.
අදාළ සැකකරු ගුවන් සේවා පනත උල්ලංඝනය වන පරිදි වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, සැකකරු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කළේය.
ඉෂාර රත්නකාර
Comments
Post a Comment
Your comment will be visible after approval