
ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ නගරයට ඉහළින් අහසේ අද්භූත ආලෝකයන් දිස් වූ බවට මීට දින 4 කට පමණ පෙර ඇමරිකානු මාධ්‍ය වාර්තාකළේය. මේවා වීඩියෝ පටිගතවීම් වලටද ලක්වූ අතර ‘භූත එළි‘ හෝ පිටසක්වල යානා බවට සැක මතුවන දෑ කියමින් ඒවා මොනවාද යන්න ගැන විවිධ අයගේ මතිමතාන්තර වලට භාජනය විය.
කෙසේ වෙතත් මේවා පිලිබඳ අධ්‍යයනය කළ ඇමරිකානු විද්‍යාඥයන් ඒ ගැන පැහැදිලි කිරීමක් කර ඇතැයි බීබීසිය අද වාර්තා කළේය.
2020 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ඉවත දැමූ යල්පැන ගිය උපකරණ නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමක් බවත් එමඟින් උතුරු කැලිෆෝනියාවේ අභ්‍යවකාශ කසළ දැල්වෙමින් පවතිනු දක්නට ලැබුණ බවත් පතිතවීමේදී එම අංශු විනාශවී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයට අනුව, සෑම වසරකම අභ්‍යවකාශ අපද්‍රව්‍ය කැබලි 200 කට වඩා වැඩි ප්‍රමාණයක් නැවත වායුගෝලයට ඇතුළු වන නමුත් බහුතරයක් නොපෙනීම සාගරයට වැටෙන බවද පැහැදිලි කර ඇත.
සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval