The-Colombo-medical-faculty-student-who-was-addicted-to-meth-committed-suicide-at-home

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමිකරගත් පුවතක් වවුනියාවෙන් වාර්තාවේ.
වවුනියාවේ පදිංචි කරුවෙකු බව පැවසෙන මෙම සිසුවාගේ දෙමාපියන්ද වෛද්‍ය වරුන් බව පැවසිණි.
2016 පැවති අපොස උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් A 3 ක් ලබා දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා ලෙස ඉහළම ලකුණු පරිසාධන මට්ටමක් පෙන්නුම් කළ මෙම සිසුවා
කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයට ඇතුළත්ව අධ්‍යාපනය ලබමින් සිට තිබේ.
ඔහු කොළඹ බෝඩිං වී නේවාසිකව වාසය කරද්දී විවිධ මිතුරන්ගේ ඇසුරට යොමුවූ බව පැවසෙන අතර මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහිවී තිබේ.


මේ හේතුවෙන් ඔහු අධ්‍යාපන කටයුතුද හරිහැටි කරගන්නට බැරිව විභාග අසමත්ව තිබෙන අතර
වෛද්‍ය දෙමාපියන් ඔහුගේ ප්‍රශ්න විසඳීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇත. නමුත් ඔහුගේ පුරුදු වෙනස් කිරීම අපහසුවී තිබෙන අතර මත්ද්‍රව්‍ය නිතිපතා භාවිතයට නොගෙන ජීවත්වීම අපහසු බව දක්වමින් ඔහු එම පුරුද්ද අතැර නැත.
වෛද්‍ය පීඨයේ ආචාර්ය වරුන්ගෙන් මෙන්ම හිතවතුන්ගේද උපදෙස වී ඇත්තේ මොහු සම්බන්ධව මීට වඩා බැරෑරුම් ප්‍රතිකාර අවශ්‍ය බවයි.වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය අතරමග නතර කර ඔහුව කොළඹින් නැවත වවුනියාවේ පිහිටි නිවස වෙත රැගෙන විත් තිබෙන දෙමාපියන් නිවසේ නතර කරගෙන ඔහුව පුනරුත්ථාපනයට උත්සාහ ගෙන තිබේ.
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය දැඩි ඇබ්බැහිය නිසා ඔහුට එයින් මිදීම අසිරූවී මානසික අවපීඩන තත්වයන්ට ගොදුරුවී ඇතැයි පැවසේ.
නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකදී ශිෂ්‍යයා වස පානය කොට ජීවිතය අහිමි කරගන්නට උත්සාහ කර ඇත්තේ මෙම සිද්ධිදාමයෙන් පසුවයි.


ඔහු ඇද වැටී සිටියදී නිවැසියන් සොයාගත් අතර ඊයේ (11) සවස වවුනියාව රෝහලට ඇතුළත් කර තිබුණි. සිසුවා රෝහල් ගත කරන විට සිහි මුර්ජා තත්වයෙන් සිටි බවත් ස්වල්ප වේලාවකින්  ඔහු මිය ගිය බවත් රෝහල් ආරංචි වාර්තා කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ  වවුනියාවේ වෛද්‍ය යුවලකගේ පුතෙකුවන සෙන්තිල්කාන්තන් ලක්ෂිකාන් නමති 26 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයෙකි.
වවුනියාව පොලීසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.