
බළපිටිය, මාදුගගේ මහ පාලම අසල ගගේ පාවෙමින් තිබූ නාදුනන අයකුගේ මළ සිරුරක් අම්බලන්ගොඩ පොලීසිය මගින් අද (12) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
වයස අවුරුදු 60 – 70 ක් පමණ යැයි විශ්වාස කළ හැකි උස අඩි 05 ක් පමණ වන පිරිමි අයෙකුගේ මල සිරුරක් මෙසේ සොයාගත බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අද (12) පෙරවරු 9.00 ට පමණ සොයා ගන්නා ලද මෙම මළ සිරුර මේ වන විට බළපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම සිරුර හදුනා ගැනීම සදහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරන බව අම්බන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එම් ඉරාන්, උප පොලිස් පරීක්ෂක පියල් යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මළ සිරුරේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
තොරතුරු - ජයකාන්ත ලියනගේ - බළපිටිය

Comments
Post a Comment
Your comment will be visible after approval