
පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර අරගලකරුවන්ට ප්‍රහාර දියත් කිරීමේ සම්පූර්ණ වගකීම මොරටු නගරාධිපති සමන් ලාල් වෙත පවරමින් පොහොට්ටුවේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ඔහුට ප්‍රසිද්ධියේ බැණවදින අවස්ථාවක හඩ පටයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතී. මෙම සංවාදය ඇතිව තිබෙන්නේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකදීය.
මෙහිදී මැයි 09 වනදා ප්‍රහාරයට මුල සමන් ලාල් බවත් ඔහු කට්ටිය ගෙන්වා ප්‍රහාර දියත් කර අනතුරුව නිවාස ගිනිබත්වී විශාල විනාශයක්දක්වා එය දුරදිගගිය බවත් බැසිල් චෝදනා කරන අතර මේකට මමවත් මහින්දවත් කිසිදු අණක් නොකළ බවද අවධාරනයෙන් කියන්නේය.
පක්ෂයේ අභ්‍යන්තර කතාවක් ලෙස සිදුවන මෙම සංවාදයේ අදාළ කොටසේ දුරකථනයකින් පටිගත කළ ඕඩියෝව පමණක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් එය ඊයේ රාත්‍රියේම දෙරණ ස්වර්ණවාහිනී ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලින් ප්‍රචාරය වීමත් නිසා ඇතැමුන් තුළ සැක පහළව ඇත්තේ සියලු වරද ‘සමන් ලාල්‘ වෙත පවරා නිදොස්වීමට සැලසුම් කළ ප්‍රයත්නයක්ද යන්නයි.
එකී හඩ පටය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval