
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) විද්‍යාඥ ආචාර්ය විමුක්ති ජයවීර මහතා ඊයේ රාත්‍රියේ හොරණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මිය ගියේය. මියයනවිට 37 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ මෝටර් රථය මාර්ග බාධක කොන්ක්‍රීට් කණුවක වැදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති අතර රෝහලට ගෙන ගිය පසු සුෂුම්නාවට සිදුවූ දැඩි හානි මත ඔහුමියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
විවාහකයෙකු වන විමුක්තිගේ බිරිය ගුරුවරියක ලෙස සේවය කරන්නීය. ඔවුන් ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචිව සිටියේය.
එක්දරු පියෙකුවූ විමුක්තිගේ කුළුඳුල් දරුවාට තවම මාස 03 කි. උදෑසන දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරා එමින් සිටියදී මෙම අවාසනාවන්ත මරණය සිදුවිය.
මල් රැගෙන ඒම සඳහා පිලියන්දල ප්‍රදේශයට ගොස් යලි නිවස කරා පැමිණීමේ දී ටෙලිකොම් ආයතනය මගින් සිදුකළ සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධක කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙන් පසු මෝටර් රථයේ වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී ඇති අතර මීටර් 100 ක් පමණ ඉදිරියට ඇදී ගිය මෝටර් රථය මැද දූපතේ ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක විමත් සමගම එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී ඇති අතර රෝහල ගත කිරීමෙන් පසු සුෂුම්නාවට සිදුවූ හානි නිසා මියගොස් ඇත.
විමුක්ති ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික යෙකුද විය.
ඔහුගේ වියෝවෙන් තැවෙන මිතුරන් එක් කළ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval