shades-murder-update

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටි ෂේඩ්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි යුවළ හසුකරගන්නට සමත්ව තිබේ. අද සවස කඩවතදී 27 හැවිරිදි තරුණයෙකු හා 23 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගන්නට සමත්වූ බව පොලිසිය පවසයි.ඔවුන් විවාහකයින් බව ප්‍රකාශ කර තිබේ.


ව්‍යාපාරිකයාගේ වැල්ලම්පිටිය නිවැසියන් අතුරුදන් බව දන්වා තිබියදී එම මළ සිරුර පසුගිය 1 වන දා බත්තරමුල්ලේ නිවසේදී හමුවන විට පිහිනුම් තටාකයේ පාවෙමින් තිබුණි.



මේ සම්බන්ධ සැකයට භාජනයවී තිබුණ යුවළ විදෙස් ගතවී ඇතිබවට පොලිසිය කරුණු සොයමින් පැවති අතර
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය සිදු කළ පරීක්ෂණ අනුව ඔවුන් විදෙස්ගතවී නැති බවත් විදෙස්ගතවන බවක් අඟවා ලංකාවේම රැඳී ඇති බවත් සොයාගෙන තිබෙයි.

 

කදාන පොලිසිය මගින් මෙම සිද්ධියට සම්බන්ධ ලැබුණ ඔත්තු අනුව ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි  යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය.



 ව්‍යාපාරිකයාට  අයත් සුඛෝපභෝගී මෝටර් රථය ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය  රැගෙන ගොස් තිබුනේද මෙම යුවළයි.

27 හැවිරිදි තරුණයා හා 23 හැවිරිදි තරුණිය නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ පදිංචි බව කියැවිණි. ඝාතනයට ඔවුන් සම්බන්ධවී ඇතැයි සැකකරන ආකාරය ප්‍රශ්න කිරීමට නියමිතය.
පොලිස් නිවේදනය පහතින්