
ගල්කිස්ස ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ඊයේ (31) සවස තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ගල්කිස්ස පිටත සේරම් පරේ පදිංචිව සිටි එම්.ටී බේරුවලගේ (55) නමැති ව්‍යාපාරිකයාය. සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ ඊයේ සවස 5.00 ට පමණය.
ව්‍යාපාරිකයා සිය නිවෙසේ උඩු මහලේ මස්සිනා සමග මත්පැන් පානය කරමින් සිටියදී දේපළ සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර සැකකරු පලාගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී යැයි පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
Comments
Post a Comment
Your comment will be visible after approval