දේශපාලන රැලියක් අමතමින් ජවිප ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පළ කළේය.



"මේ රට වැටිච්ච රටක් නෙමෙයි බිඳ වට්ටපු රටක්. ආසියාවේ දෙවැනි ආර්ථිකයට උරුමකම් කියපු රට.. අපි.. ඉස්සරත් අපි දෙවනියා අදත් දෙවනියා. මොන පැත්තෙන්ද, යටි පැත්තෙන්. ලංකාව කියන්නෙ ලෝකෙට පොලු තිබ්බ රටක්..!



සජිත් මහත්තයගේ කට්ටිය මේ දවස් වල බය වෙලානේ. මොකද එයාලා හිතන් හිටියා ආණ්ඩුව වැටෙනකොට කුණු කාණුව දිගේ ඇවිල්ලා ඔටුන්න සජිත්ගේ ඔළුවට වැටෙයි කියලා. සජිත් කුණු කාණු ගාව ඔළුව අල්ලන් හිටියේ ඔටුන්න වැටෙනකම්. ඔය කුණු කාණු වලින් ඔටුනු දාගන්න යුගය අවසන් කරලා, ජනතාව ජනතාවගේ ආණ්ඩුවක් හදන්න තීරණය කරලා තියෙනවා.

අපේ රට කරපු අපරාධ ගොඩක් තියෙනවා. ප්‍රධාන එක තමයි ආර්ථිකය විනාශ කරලා අපිව දුප්පත් කළා. දෙක අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර අසමඟිය ඇති කළා. ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙට ලෑස්ති  කරනකොට ජනතාවට ආර්ථිකය ප්‍රතිපත්ති කියන්න බෑ. භය වැද්දුවා සිංහලයා වඳ වෙන්න යනවා කියලා. වඳ කතා කිව්වෙ නැද්ද? වඳ කොත්තු ගැන කිව්වා, වඳ යට ඇදුම් ගැන කිව්වා. අන්තිමට වඳ දොස්තර කෙනෙක් හොයාගත්තා කුරුණෑගලින්.

ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් අපි හදන්න ඕනේ. ඒ නිසා අපි නිෂ්පාදන ආර්ථිකයක හදන්න ඕනේ. ඒක හදන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. හදමු අපේ අණ්ඩුවක්, හැදුවට පස්සෙ හොරුන්ගේ නඩු සඳහා අපි ගාව තොරතුරු තියෙනවා. ෆයිල් අපිගාව තියෙනවා.  නඩු අහලා ඔප්පු වෙච්ච හැම දෙනාටම දඩුවම් කරනවා."