
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක හෙරොයින් තොගයක් දසමග කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (1) අත්අඩංගුවට ගනු ලැබුවාය. තිස්අට හැවිරිදි එම සේවිකාව හැවිරිදි පොලොන්නරුව,
කාලිංග ඇළ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය කටුනායක, කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වෙනත් පුද්ගලයකු සමඟ වෙසෙන බව ද පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඇය තමා විසින්ම නිපදවන රූපලාවණ්‍ය ආලේපන සහිත කුඩා බඳුන් තුළ, හෙරොයින් සහිත කුඩා පැකට්ටු ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලීසිය පවසයි.
කාන්තාව හෙරොයින් හෙරොයින් අඩංගු ආලේපන පාර්සලය කටුනායක මල්ගස්හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක පැමිණි පුද්ගලයකුට දීමට උත්සාහ කරමින් සිටියදී, පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම ආලේපන බඳුන් තුළ රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක ප්‍රමාණයක් තිබී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලික ඔත්තුකරුවකු දුන් තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්, මෙම කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන අතර ඇය ඊයේ (2) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
ටී.කේ.ජී. කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval