kalutara-brother-killer

ඊයේ (7) දහවල් කාලයේ කළුතර තේක්කවත්ත, පලාතොට ප්‍රදේශයේ නිවසක සහොදරයින් දෙන්නෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු සිදුවූ පහරදීමක් හේතුවෙන් පුද්ගල මරණයක් වාර්තා විය.
මන්නා පිහියකින් පහරදීම සිදුකර තිබුනේ 14 හැවිරිදි බාල වයස්කාරයෙකු වන අතර ඔහුගේ 26 හැවිරිදි සොයුරා පිහි ඇනුම් නිසා ඇතිවූ බරපතල තුවාල මත රෝහල්ගත කළ පසු මියගොස් තිබේ.


පොලිසියේ හදිසි අංකයට කතාකර මෙම සිදුවීම දැන්වීමෙන් පසු කළුතරදකුණ පොලිසිය මෙම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇත.
මන්නා පිහියකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබු පුද්ගලයා රෝහල් ගත කිරීමේ දි මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.
මියගිය තරුණයා සිය බාල සහෝදරයා සමඟ නිවසේ සිටි බවත් ඔවුන්ගේ මව රෝහල්ගතව සිටින ඔවුනගේ පියා බැලීමට රොහලට ගොස් සිටියදී සහෝදරයින් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් බාල සොහොයුරා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.


මියගිය තරුණයා වයස අවුරුදු 26 ක් වූ  අයෙකු වන අතර ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 14 ක් වන පාසල්යන වයසේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සිද්ධියට අදාළ පොලිස් වාර්තාව පහතින්