
පසුගිය වසරේ මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාව නිට්ටඹුව නගරයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව, එලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි හෙන්දාවිතාරණ නිපුණ බුද්ධික නමැති 26 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකි.
රහස් පොලිස් නිලධාරින් කණ්ඩායමක් පරික්ෂණ පවත්වා
මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි මෙම සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
එසේ මහර බන්ධනාගාරයේ සිටි ඔහුට වැළඳී තිබුණු පිළිකා රෝගයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහුව මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
මියගිය හිටපු යුද හමුදා සෙබළාගේ දේහය අවසන් කටයුතු සඳහා ඔහු පදිංචි නිවසට පෙරේදා (6) රාත්‍රියේ ගෙන එනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval