genewa-thush

වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් මෙසේ අදහස් දැක්වුවාය.

"බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි මේ දවස් වල ජිනීවාවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සමස්ත කාර්‍ය සමාලෝචනය පැවැත්වෙනවා.  පෙබරවාරි 4 වෙනිදා අනිවාරයෙන් නිදහස් දිනය සමරන්න ඕනි කියන රජය දන්න කස්තිරම් ඔක්කොම දානවා පාළාත් සභා මැතිවරණය කල් දාගන්න."




"ජනධිපතිතුමනි, නිදහස් දිනය සැමරුවේ නැත්තම්, ලෝකෙවත් අපිට සල්ලිවත් නැතෙයි කියයි නම්, මැතිවරණය නොපැවැත්වුවොත්, සමරන්න ප්‍රජාතන්ත්‍රවාදයත් නැති බංකොළොත් රටක් කියලා මුළු ලෝකයම හිතන්නෙ නැද්ද?

දරුවන්ට සුදුසු රටක් ඕනෙ කිව්වට, පසුගිය මාස විසි හතරේදී  දරුවන් දාහත් දෙනෙක් අපේම නිවෙස්වල ශාරීරිකව අපයෝජනය කරලා, ලිංගික අපයෝජනය කරළා මරාලා දාලත් වගකිවයුතු එකම නිළධාරියෙක්වත් ළමා ආරක්ෂණ අර්බුදය විසඳන්න සක්‍රීයව ක්‍රියා කළෙ නෑ.

බොරු පොරොන්දු දිදී රටක් රාජ්‍යයක් නොමඟ යවන්න බෑ. හපෝ.. මේක අපේ ස්වෛරීත්වයට තර්ජනයක්, අපි පිළිපඳින්නේ නොබැඳි පිළිවෙතක් කියලා විසික් කරන්න පුළුවන්ද? එහෙම කළා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් ඒ මානව හිමිකම් උල්ලංඝනයට එදිරිව රටවල් පෞද්ගලික වාරණ පනවලා තියෙනවා. ඒ බැටළු ලොම් පුරවගත්ත පාලකයින්ට අපිත් රැවටිලා අපේ ඇස් පනා පිට සිදුවන අයුක්තිය අසාධාරණය, හිමිකම් උල්ලංඝනය නොදැක්කාවාගේ ඉඳියොත් නුදුරේදීම අපේ රටට ආර්ථීක සම්බාධක වුණත් පැනවෙන්න පුළුවන්. එදාට පාලකයෝ බඩත් කටත් පුරවගෙන වැජඹෙද්දි නැති මිනිහ නැත්තටම නැති වේවි. දරුවන්ට සුදුසු රටක් ඕනේ කියලා පටන් ගත්තු ඒ අරගලය විප්ලවයක් කළ යුතුමයි."