
යුද හමුදා සෙබළකුගේ බිරියක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බව කියන අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකුගේ එම සම්බන්ධතාව හමුදා සෙබළා අතටම අසු වීමත් සමග එම ස්ථානාධිපතිවරයාගේ සහායට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු හමුදා සෙබළාගේ පහර කෑමකට ලක්ව රෝහල් ගතකර ඇතැයි
උතුරු මැද පොලිසියකින් වාර්තා වේ. හමුදා සෙබළාගේ පහර කෑමට ලක් වූ ස්ථානාධිපතිවරයා ද පැමිණි යතුරුපැදිය දමා දිව ගොස් ජීවිතය බේරා ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.එම කාන්තාව එම පොලිස් ස්ථානාධිපතිවරයා සමග මීට පෙරද අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර එය හසුවී හමුදා සෙබළා ඔවුන් දෙදෙනාටම අවවාද කර ඇති බව යුද හමුදා සෙබළා ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. වව්නියාව ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන සෙබළා පෙරේදා (01) රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් එන අතරවාරයේ දී පෙරේදා රාත්‍රී 7.30ට පමණ සිය බිරියට ඇමතුමක් ගෙන ඇති අතර යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි බව බිරිය පවසා ඇත. අනතුරුව සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලිසිය කියයි.
ඇති වූ සැකය මත සෙබළා වෛද්‍ය මධ්‍යස්ථානය ආසන්නයේ සිට සොයා බැලීමකදී බිරිය සහ යෙහෙළිය යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු සමග කතා කරන අයුරු දැක යතුරුපැදියේ සිටි දෙදෙනාට පහර දී ඇතැයි පොලිසිය කියයි. පහර කෑමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදිය ද එම ස්ථානයේම දමා දිව යාමෙන් අනතුරුව මෙම යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
බී.ජී. චතුරංග
Comments
Post a Comment
Your comment will be visible after approval