
වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ යටතේ වැදි ප්‍රජාවේ පිරිසක් පළමු වරට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ධජය යටතේ ඔවුන් තරඟ වදිනු ඇත.
ඔවුන් මහියංගන, සොරණතොට සහ හාලිඇල ප්‍රාදේශීය සභා සහ බදුල්ල මහ නගර සභාව සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නාමයෝජනා ලබාදෙන්නට ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහියංගන ආසන සංවිධායක ඉන්දික නුවන් කුමාර ඇතුළු අපේක්ෂකයින් සිකුරාදා බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පැමිණ මෙම ලැයිස්තු සමග ඇප මුදල් තැන්පත් කරන ලදි.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා වන්නිල ඇත්තෝ බවත් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා වැදි ප්‍රජාව මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
“ආදිවාසී වංශයේ අපේක්ෂකයන් කිහිප දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. නිදහසින් පසු පැවැති මැතිවරණවලදී අපි ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඡන්දය දුන්නත් ඔවුන් අපිව අමතක කරා ..මේ වෙනස ඒකයි‘ ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval