
තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවෙසේ නානකාමරය තුළදී දරුවකු පුසූත කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසයි. නාන කාමරයෙන් බිලිඳකු හඬන හඬක් ඇසී මව නාන කාමරය විවෘත කර බලා ඇති අතර එම අවස්ථාවේ සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව මව දැක ඇතැයි ද ඒ වනතුරු දරුවෙකු ලබන්නට සිටි බව පවා මව දැන නොසිටි බවද පොලීසිය කියයි.
දියණිය විසින්ම පෙකණිවැල කපා ගැනීම නිසා රුධිර වහනය වෙමින් තිබෙන අයුරු දුටු මව වහා ක්‍රියාත්මක වී දැරිය සිය බිළිඳාද සමග රෝහල් ගත කර ඇත.
දියණිය දරුවකු ප්‍රසූත කිරීමට සිටින බවක් තමන් නොදැන සිටියේ යැයි එම සිසුවියගේ මව පවසන බව තිස්සමහාරාම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. සිසුවියද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සහ වෛද්‍යවරුන්ට වරින් වර එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබාදී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත. සිසුවිය අසල්වැසි නිවෙසක පදිංචි යුද හමුදාවේ විවාහක සෙබළකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි. දියණිය සහ ඇය බිහිකළ බිලිඳා බාර ගැනීමට ඇයගේ මවුපියන් අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද පොලිසිය පවසයි.
සිසුවිය ගැබිනියක් කළ පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට තිස්සමහාරාම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval