
සර්ප දෂ්ටනවලට ප්‍රතිකාර කිරීමේ නිරතව සිටි 64 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකුගේ සිරුර ඔහු පදිංචිව සිටි නිවෙසේ සාලයේ සිවිලිමේ බාල්කයක එල්ලෙමින් තිබියදී පෙරේදා 21 වැනිදා සවස සොයා ගන්නා ලදැයි ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. සර්ප විෂවලට ප්‍රතිකාර කරන මෙම වෛද්‍යවරයා මියයාමට කලින් ලියා තිබූ ලිපියක් ද නිවෙසේ තිබී පොලිසිය සොයාගෙන ඇති අතර මෙය තමා විසින්ම සිදු කර ගත් එකක් බවට එහි සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි.
නිවෙසේ ඇති බෝර 12 වර්ගයේ ගිනි අවිය පොලිසියට බාර දෙන ලෙසද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි කියති. මෙසේ මියගොස් ඇත්තේ මාකේවිට, තම්මිට ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණානායක පතිරන්නැහැලාගේ අබේ නන්ද කරුණානායක නමැත්තකු බවත් මොහු නිවසේ තනියම පදිංචිව සිටි අවිවාහකයකු බවත් පොලිසිය සඳහන් කරයි. අසල්වැසි නිවසක පදිංචි කාන්තාවක මොහුට දිනපතා ආහාර සපයන අතර සුපුරුදු ලෙස එම කාන්තාව ආහාර රැගෙන ගිය අවස්ථාවේ ඔහුගේ සිරුර එල්ලෙමින් තිබෙනවා දැක ඒ බව දැනුම්දී ඇතැයි පොලිසිය පවසයි.ගම්පහ මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval