
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2022 දෙසැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 59.2%කි. ( එය 2022 නොවැම්බර් මාසයේ 65.0%ක් ලෙස වාර්තා විය)
2022 නොවැම්බර් මාසයේදී 69.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2022 දෙසැම්බර් මාසයේදී 59.3% දක්වා අඩු වී ඇත.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද 2022නොවැම්බර් මාසයේදී 60.4% ක් වූ අතර එය 2022 දෙසැම්බර් මාසයේදී 59.0% දක්වා අඩුවී ඇත.
ආහාර කාණ්ඩය සැළකූවිට පොල්, කිරිපිටි, අළුත් පළතුරු, තේ කොළ/කුඩු, පොල්තෙල්, බිත්තර, රතුළූණු සහ කුකුළ්මස් යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති අතර ලොකුලූණු, කරවල, සීනි, එළවළු, හාල්, තිරිඟුපිටි, පාන්, දෙහි, මයිසූර් පරිප්පු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් වාර්තා වී ඇත.
විශ්ලේෂණ වාර්තා ව පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval