tangalle-couple-death

තංගල්ල – මැදකැටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක කාමරයකින් සියදිවිනසාගෙන සිටියදී තරුණ යුවළකගේ මළසිරුරු ඊයේ හමුවූ අතර මේ දෙන්නාගේ මරණය උප්පැන්න සහතිකයක ප්‍රශ්නයක් මත සිද්ධවූ එකක් බවට ඔවුන් ලියා තිබූ අවසන් සටහනකින් කරුණු හෙලිවන බව පොලිසිය පවසයි.



 ඊයේ (23දා) උදෑසන කුඩා ප්‍රමානයේ සංචාරක හෝටලයෙන් මෙම සිරුරු සොයාගෙන තිබිණි.  මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි රාමයියා අජිත් කුමාර නමැති දමිළ තරුණයෙකු හා 17 හැවිරිදි ජයවර්ධන ආරච්චිගේ දුමීෂා ඕෂධි නමැති සිංහල බාලවයස්කාරියකි.

මියගිය තරුණයා එම හෝටලයේම සේවයේ නිරතව සිටිමින් දිගු කලක් කටයුතු කළ අයෙකු බව පැවසිණි.
මියගිය තරුණිය අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේ පදිංචිව සිටි බව පැවසේ.

තරුණයා කුඩා කල සිට හෝටලයේ හැදී වැඩී  එම හෝටලය බලා කියාගෙන සිටි වගකීම් සහගත පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. ඔහු හෝටලයට අත්‍යවශ්‍ය අයෙකුවූයෙන් ඔහුට වෙනත් රැකියාවකට යන්නට අවසර ලබාදී නැති අතර හෝටල් හිමියා සිතාමතාම ඔහුගේ උප්පැන්නය ඇතුළු ලියකියවිලි සියල්ල ඔහු වෙත ලබා නොදී ඔහු අජස්සියේ තබාගෙන වැඩගත් බවට ලියන ලද ලිපියේ සඳහන් වන බව කියැවේ.
 පෙරේදා (22දා) රාත්‍රියේ අම්බලන්තොට ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගොස් මියගිය තරුණියද එම හෝටලය වෙත රැගෙනවිත් ඇති තරුණයා අනතුරුව ඊයේ රාත්‍රියේ එකම කාමරයේ සිටියදී සියදිවි හානි කරගෙන ඇත.

මියගිය තරුණිය සමඟ ඔහු දිගු කලක් ප්‍රේම සබදතාවක් පවත්වා ඇති බව මිය යාමට පෙර ඔවුන් දෙදෙනා ලියන ලද ලිපියක සටහන් විය.



එහි දක්වා ඇත්තේ, තරුණයාට උප්පැන්න සහතිකයක් නොමැති වීම නිසා විවාහයට බාධා පැවතීම මත විවාහය සිදුකරගැනීම ගැටලුකාරී වි ඇති බවයි. දෙදෙනාගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නා බවද එහි සඳහන්වේ.

 තරුණයා යම් දිනක විවාහ වී හෝටලයෙන් යතැ යි පැවති බිය නිසා හොටල් බලධාරීන් ඔහුගේ උප්පැන්නය සාදා දීමට ඉදිරිපත් නොවූ බව එහි සටහන් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, තරුණිය සහ තරුණයා ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගන්නා අයුරු ගැන සී.සී.ටී.වී සාක්ෂි විමර්ශනය කරන බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරු ඥාතීන් වෙත භාර දී තිබෙයි.