ajith-prasanna-4-year-prison

විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තීරණය මත බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමකට යටත් කර තිබේ. ඔහුට එම දඩුවම ලැබුනේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවීම නිසාය. රුපියල් ලක්ෂ 03ක දඩයක් ද නියම කර තිබේ.
2020 වසරේ ජනවාරි මස 19 වනදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අජිත් ප්‍රසන්නට එරෙහිව මෙම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණි.


ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් ලබාදුන් තීන්දුව ප්‍රකාර සාමාජික විනිසුරු ගාමිණී අමරසේකර මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ චෝදනාවට විත්තිකරු වරදකරු  බවයි.
හිටපු යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. 2020 ජනවාරියේ මෙම වරද හේතුවෙන් ඔහු රිමාන්ඩ් ගත කෙරුණ අතර විනිසුරුවරුන් සහ අධිකරණ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡා නොපවත්වන බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනාධිකරණය ඉන් වසරකට පසු 2021 ජනවාරි මස ඔහුට ඇප නියම කළේය.
නමුත් ඔහුගේ නඩුව අවසන් නොවූ අතර වසර 4 කට සිරගත කරමින් අද දින තීන්දුව ලබාදුන්නේ ඒ අනුවයි.